නිවාස සංකීර්ණයක රථගාලක තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගය සඳහා ජනවාරි 29 වැනි දින කැඳවීමට නොවැම්බර් 23 වැනිදා දින නියම කර තිබේ.
අදාළ නඩුකරයේ පූර්ව විභාග සම්මන්ත්‍රණය අවසන් වීමෙන් අනතුරුව, නඩුව විභාගය සඳහා මෙසේ දින නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා නියෝග කළේය.
එමෙන්ම ජනවාරි 29 වැනි දිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කර තිබේ.


