කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකර ගැනීමට යෝජිත අවබෝධතා ගිවිසුම් කිහිපයක් පිළිබඳව, මැයි මාසේ තුන්වෙනිදා ඉඳලා හයවෙනිදා දක්වා ගරු ජනාධිපතිතුමා, වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වෙනවා. එහිදී අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම් කිහිපයක් ඊයේ කැබිනට් මණ්ඩලයේදී අනුමැතියට ඉදිරිපත් කරලා තිබුණා.

ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය සහ වියට්නාමයේ රාජ්‍ය තාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුම, සංකීර්ණ සමකාල ලෝකයේ එකිනෙකා සමඟ සමීපව සම්බන්ධ වී ඇති ද්විපාර්ශික කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු සඳහා නව්‍ය අදහස් සහ මත ලබා ගැනීමේ අරමුණ සහිතව පොදුවේ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාවයක් පවත්වා ගැනීම සඳහා ආයතනික සම්බන්ධතා ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යංශය යටතේ ක්‍රියාත්මක වන බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ වියට්නාමයේ රාජ්‍ය තාන්ත්‍රික විද්‍යායතන අතර එකඟතාවයකට පැමිණිලා තියෙනවා.

ඒ සඳහා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට යෝජිත අතර එමඟින් විශේෂඥතාව බෙදාගැනීම, රාජ්‍ය තාන්ත්‍රිකයන්, විද්වතුන්, නිලධාරීන්, විශේෂඥයින් සහ පර්යේෂකයන් හුවමාරු කරගැනීම. අධ්‍යාපන හා පර්යේෂණ වැඩසටහන්, විවිධ පාඨමාලා, සම්මන්ත්‍රණ, රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ අනෙකුත් අධ්‍යයන කටයුතු සහ පුහුණුවීම් වලට අදාළ විශේෂඥතාවය සංවිධානය කිරීම සහ හුවමාරු කරගැනීම සඳහා පහසුකම් සලසා ගැනීමට අපේක්ෂා කරනවා.

ඒ අනුව වසර තුනක කාලයක් සඳහා වලංගු වන අවබෝධතා ගිවිසුමකට දෙපාර්ශවය අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන්නා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>