අමාත්‍ය එරංග ගුණසේකර.
මේක විගණක විමසුම් වාර්තාවක්. මේක ඇතුලේ රනිල්ලා, හරීන්ලා එකතු වෙලා ගහපු වැඩ පිළිබඳ විමර්ශනයන් ආරම්භ කරලා තියෙනවා. එතකොට මේක ඇතුලේ රුපියල් මිලියන 223 ක මුදලක් ආසන්න වශයෙන් වියදම් කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. එහෙම 234,592 මූලික වියදමක් කරලා තියෙනවා. නමුත් කිසිවක් කරලා නැහැ. ඒ වගේම වැලිසර ගත්තොත් එහෙම 60,000 වඩා වැඩි ප්‍රමාණයක් මුදල් වියදම් කරලා තියෙනවා කිසිදු ක්‍රියාවලියක් අවසන් කරලා නෑ. හැබැයි මේකේ මූලික අරමුණ ලෙස දාලා තියෙන්නේ කොවිඩ් එකත්, ඒ වගේම අරගලයත් ඇතුලේ මේ රටේ තරුණ පරම්පරා සැලකිය යුතු මානසික පීඩනයට නතු වුණා. ඒක වෙනස් කර ගැනීමේ අරමුණින් තමයි මේ ප්‍රසංගය කරන්නේ කියලා. හැබැයි අපි බැලුවාට පස්සේ කොවිඩ් එන්නේ ගත්තොත් එහෙම මීට වසර හතරකට පෙර, අරගලය වෙන්නේ මීට වසර දෙකකට පෙර, එතකොට වසර 2කට පස්සේ තමයි හරීන්ටයි, රනිල්ටයි මතක් වෙන්නේ මේ රටේ තරුණයන් මානසික පීඩාවකට පත්වෙලා තියෙනවා කියලා. විශේෂයෙන්ම අපේ රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. වියදම් කප්පාදු කරන්න ඕනේ කියලා. ඒ වියදම් කප්පාදු කරන්න කියලා තියෙද්දී තමයි, ඒගොල්ලන් රුපියල් මිලියන දෙසිය විසි තුනකට වඩා වැඩි මුදලක් මේ ප්‍රසංග සඳහා වියදම් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේකේ තව ගොඩක් ඒවා තියෙනවා. ඒක නිසා පහුගිය කාලේ රටක් අර්බුදයට යද්දී, අපේ රටේ තරුණ පරම්පරාව රට අතහැර දාලා යද්දි, අපිට හරි පැහැදිලියි හරීන්ලා, රනිල්ලා මොකක්ද නටපු නැටුම කියලා.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>