ඉදිරියේදී ඇතිවිය හැකි ‘එල් නිනෝ’ (El Niño) කාලගුණික බලපෑම සහ ඒ හරහා මෙරටට එල්ල විය හැකි දැඩි නියඟ අවදානම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේදී පානීය ජල සැපයුම, කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය කළමනාකරණය කිරීම සහ විදුලි උත්පාදනයට ඇතිවිය හැකි බාධා අවම කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු විය.

නියඟ තත්ත්වය හේතුවෙන් ගොවි ජනතාවට සහ සාමාන්‍ය ජනතාවට සිදුවන බලපෑම් අවම කිරීම සඳහා කල්තියා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ අමාත්‍යාංශ සහ ආපදා කළමනාකරණ අංශ වෙත ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

විශේෂයෙන්ම ජලාශවල ජල ධාරිතාව නිසි පරිදි කළමනාකරණය කිරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ හදිසි සහන සේවා සූදානම් කර තැබීම ඇතුළු පුළුල් ඒකාබද්ධ ජාතික සැලැස්මක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය විය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>