ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඊට අදාළ පනත් කෙටුම්පත් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කරන ලදී.
මේ සම්බන්ධයෙන් ජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී ඇති බවත්, නීතිඥ සංගමය ඇතුළු විවිධ වෘත්තීය සංවිධාන මේ වනවිටත් සිය අදහස් ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.
ගැසට් නිවේදනය හරහා මේ පිළිබඳ මහජන අදහස් ලබාගැනීමට මෙන්ම අවශ්‍ය නම් අධිකරණය හමුවේ අභියෝග කිරීමටද අවස්ථාව පවතින බව ඔහු සඳහන් කළේය.
රටේ අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කර ජනතාවට කඩිනමින් යුක්තිය ඉටු කිරීම රජයේ පොරොන්දුවක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.
අධිකරණ පුළුල් කිරීම, රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාදීම සහ අධිකරණ ක්ෂේත්රයට මෙන්ම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ඒ වෙනුවෙන් ගෙන ඇති බවද සඳහන් කරන ලදී.
එම ක්‍රියාමාර්ග අතර ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමද එක් පියවරක් බවත්, එය ජනවරමට හා ජනතාවගේ අභිලාෂයන්ට අනුකූලව සිදුකරන කටයුත්තක් බවත් අමාත්‍ය උපාලි පන්නිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>

