ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සෑම වර්ෂයකම මැයි 31 දිනට යෙදෙන ජාතියන්තර දුම්වැටි විරෝධී දිනට සමගාමීව පවත්වන සමෘද්ධි කොඩි සතිය අද (01) දින ආරම්භ කළා. ඒ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල මහතා හා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදි දීය.

එහිදී ප්‍රථම කොඩිය අමාත්‍ය උපාලි පන්නිල මහතා විසින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට පළඳවන ලද අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දම්මික මුතුගල මහතා විසින් අමාත්‍ය උපාලි පන්නිල මහතාට කොඩි පැළඳවීම සිදු කරන ලදි.

විෂ මත් ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම “රටම එකට” වැඩසටහනට සමගාමීව ගෙයින් ගෙට ගොස් විෂ මත් ද්‍රව්‍ය තුරන් කිරීම පිළිබඳව ජනතාව දැන්වත් කරමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ඇතුළු සියළුම අමාත්‍යාංශ සමඟ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙවර සමෘද්ධි කොඩි සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.