කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ඊයේ (04) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරන ලද්දේ, 2009 ජූලි 10 දින ගැසට් නිවේදනයක් මගින් පිහිටවූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර වර්තමානයේ අවශ්‍ය නොමැති බවයි.
ඔහු පැවසූයේ, යුද්ධය අවසන් වූ පසු නාමිකව පිහිටවූ මෙම තනතුර සම්බන්ධයෙන් විවිධ චෝදනා තිබුණද, අද වන විට රජයේ ස්ථාවරය නම් එය ඉවත් කිරීම වගයි.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය හා ආරක්ෂක අංශවල අවශ්‍යතාවය අනුව නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්, මේ මොහොතේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර රටට අවශ්‍ය නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නැරඹිය හැකිය.





