මන්ත්‍රී අබේවික්‍රම.

අපි පැමිණිලා සිටින්නේ කඹුරුපිටිය ආබාධිත රණවිරුවන්ගේ නිවස්නය වන අභිමංසල මධ්‍යස්ථානයට. අපේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරලා විවිධාකාර ආබාධ වලට පත් වෙලා ඉන්න ඒ ආබාධිත සෙබළුන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් මේක. අපි ඒගොල්ලොත් එක්ක දුක සැප බෙදා ගත්තා. ඒ වගේම අපි නිරීක්ෂණය කරලා දැන් පෙනී ගියා ඒ අවශ්‍ය පහසුකම්, විශේෂයෙන් ක්‍රිඩා පහසුකම්, වෛද්‍ය පහසුකම්, ඒ වගේම ආහාර ඒ සියල්ලම ඉතාම හොඳින් ඒ කටයුතු සිදුවෙමින් පවතිනවා. එම ආයතනය ඇතුලේ. ඉතින් ඇත්ත වශයෙන් ඒ මොනවා ලැබුණත් ඒගොල්ලන්ගේ ජීවිතවල ලොකු අමාරුකමක් කඩා වැටීමක් තියෙනවා. ඔවුන්ගේ තරුණ වයස ලොකු පරිත්‍යාගයක් කරලා රටේ අනිත් ජනතාවට හොඳ ජීවිතයක් අත්පත් කරලා දුන්නා. ඉතින් අපේ වගකීම ඇත්ත වශයෙන්ම මේ යුද්ධයට ගිහිල්ලා, රට බේරගත්තයින් ඒ බලාපොරොත්තු වෙච්ච ඒ අපේක්ෂාව, ඒ හීන සැබෑ කරන්න අපි ඉදිරි කාලයේදී ඒගොල්ලොත් එක්ක විශේෂයෙන් ආරක්ෂක හමුදාවත් එක්ක අත්වැල් බැඳගෙන කටයුතු බලාපොරොත්තු වෙනවා.