නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව සමඟ හදිසි සහනාධාර දීමනාවක් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත 2026 නොවැම්බර් 27 වැනිදා බැර කර තිබේ.
ඒ අනුව අන්ත දුප්පත් කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට මාසිකව හිමි වන රුපියල් 17,500ක දීමනාවට අමතරව රුපියල් 3,000ක් ලබා දීමට පියවර ගෙන ඇති අතර, එමඟින් එම කාණ්ඩයේ පවුලකට සමස්ත රුපියල් 20,500ක් හිමි වේ. දුප්පත් කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට හිමි වන රුපියල් 10,000ක දීමනාවට අමතරව රුපියල් 2,000ක් එක් කිරීමෙන් එම කාණ්ඩයේ පවුලකට රුපියල් 12,000ක් හිමි වන බව සඳහන් වේ.
නොවැම්බර් මාසයේ අස්වැසුම ප්රතිලාභ ලබන අන්ත දුප්පත් කාණ්ඩයේ පවුල් සංඛ්‍යාව 381,369ක් වන අතර, දුප්පත් කාණ්ඩයේ පවුල් සංඛ්‍යාව 635,761කි. ඒ අනුව මෙම මාසයේ අස්වැසුම ප්රතිලාභ ලබන සමස්ත පවුල් සංඛ්‍යාව 1,017,130කි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ යෑමෙන් මෙරට ජනතාවගේ දෛනික ජීවිතයට එල්ල වන බලපෑම අවම කිරීම සඳහා රජය මෙම හදිසි සහනාධාරය ලබා දීමට තීරණය කර ඇත. මෙම හදිසි සහනාධාර දීමනාව 2026 නොවැම්බර් සහ දෙසැම්බර් මාස සඳහා පමණක් ලබා දෙන බවද සඳහන් වේ.




