රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අවශ්‍ය නම් 2026 දෙසැම්බර් මාසයේ අමෙරිකාවේ පැවැත්වෙන G20 රාජ්‍ය නායක සමුළුවට සහභාගී විය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

2026 දෙසැම්බර් 14 සහ 15 යන දිනවල අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී මෙවර G20 සමුළුව පැවැත්වීමට නියමිතය. පුටින්ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව විරෝධය පළ කළ හැකි වුවද තමන් ඔහුගේ පැමිණීම පිළිගන්නා බව ට්‍රම්ප් සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, අදාළ සමුළුවට රුසියානු ජනාධිපතිවරයා සහභාගී වන්නේද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ක්‍රෙම්ලීනය පවසයි.

චීනයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව අමෙරිකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව ඇති පසුබිමක මෙම ප්‍රකාශය සිදු කර තිබේ. යුක්‍රේන යුද්ධයට කඩිනම් විසඳුමක් ලබා ගැනීමේ අපේක්ෂාවද ට්‍රම්ප් යළි අවධාරණය කර ඇත.