හිටපු රාජ්ය බුද්ධි සේවා අධ්යක්ෂ, විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ගොනු කළ රිට් පෙත්සම ඉදිරියට විභාග කිරීමට අවසර දෙනවාද යන්න පිළිබඳ නියෝගය 2027 ජනවාරි 28 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (නොවැම්බර් 27) තීරණය කළේය.
2019 පාස්කු ඉරිදා ප්රහාර සම්බන්ධ විමර්ශනවලදී තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් සලේ මහතා මෙම පෙත්සම ගොනු කර තිබේ. ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නිකුත් කළ රැඳවුම් නියෝගය බලරහිත කරන ලෙස ඔහු පෙත්සමෙන් ඉල්ලා සිටී.
රැඳවුම් නියෝගය ක්රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමටත්, එම විමර්ශනයට අදාළව කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පවතින කටයුතු තාවකාලිකව නතර කිරීමටත් ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අතුරු සහන ඉල්ලා තිබේ.
පෙත්සම පිළිබඳ මූලික කරුණු සලකා බැලීමෙන් පසු නියෝගය අද ප්රකාශ කිරීමට නියමිතව තිබිණි. එය ජනවාරි 28 වැනිදා ප්රකාශ කරන බව පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු මහතා දැනුම් දුන්නේය.



