කිසිදු පුරවැසියකු අත නොහරින (“No one left behind”) ජනතාව රැක බලා ගන්නා රජයක් ගොඩනඟා ඇති බවත්, කථානායක, ජනාධිපති, අගමැතිනිය සහ මන්ත්‍රීවරුන් ඇතුළු VIP පිරිස්වල විශ්‍රාම වැටුප් කපා හරිමින් එම ප්‍රායෝගිකත්වය තමන් විසින්ම පෙන්වා දී ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා 2026 නොවැම්බර් 27 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වත්මන් රජය VIP පිරිස් රැක බලා ගැනීම වෙනුවෙන් පිහිටුවා ඇති රජයක් නොව, සාමාන්‍ය ජනතාව රැක බලා ගන්නා රජයක් බවය. කථානායකතුමාගේ, ජනාධිපතිතුමාගේ, අගමැතිතුමියගේ මෙන්ම මන්ත්‍රීවරුන්ගේද VIP විශ්‍රාම වැටුප් පාර්ලිමේන්තුවේදී කපා හැරීමට කටයුතු කර ඇති බව ඔහු සඳහන් කළේය.
VIP වරප්‍රසාද වෙනුවට මහජනතාවගේ අවශ්‍යතා සහ යහපත ප්රමුඛ කර ගනිමින් ක්‍රියා කරන බව තමන්ගේම ක්‍රියාකාරීත්වය තුළින් ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වා ඇති බවද බිමල් රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.




