තමන් ඇතුළු කාන්තා සමුළුවට එක්ව සිටින කිසිවෙකු රැල්ලට ඡන්දය ලබාදුන් අය නොවන බවත්, රටේ සමාජ පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණින් වගකීමෙන් යුතුව දේශපාලන තීරණ ගත් පිරිසක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරෝජා සාවිත්‍රි මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කරන ලද්දේ අද (18) බදුල්ලේදී පැවති ‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ කාන්තා සමුළුවට එක්වෙමිනි.

විරුද්ධ දේශපාලන කඳවුරු තමන් ඇතුළු පිරිසට විවිධ අවලාද හා මඩ ප්‍රචාර එල්ල කළද, ඒ පිළිබඳව තමන් කිසිවෙකුට පසුතැවීමක් හෝ පරාජිත හැඟීමක් නොමැති බව ඇය ප්‍රකාශ කළාය.

රට ගොඩනැගීමේ අරමුණින් තමන් ඇතුළු පිරිස කැපවීමෙන් කටයුතු කළ බව සඳහන් කළ මන්ත්‍රීවරිය, සෑම කාන්තාවකටම, දරුවෙකුටම, මවකටම සහ පවුලකටම සැනසිලිදායක ජීවිතයක් උදාකර දීම එම අරමුණේ කොටසක් බව පැවසුවාය.

සරෝජා සාවිත්‍රි වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ, සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව වෙනුවෙන් එම සමාජ පරිවර්තනය ඇති කිරීමේ වගකීම භාරගත් බවය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>