ප්රීමා අවුරුදු 15න් පහළ ශ්රී ලංකා යොවුන් ක්රිකට් ලීගය නොවැම්බර් 26 වැනිදා ආරම්භ වූ අතර, තරගාවලිය දෙසැම්බර් 5 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සහ ප්රීමා සමූහයේ සහයෝගයෙන් සංවිධානය කරන තරගාවලියට කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර නියෝජනය කරන කණ්ඩායම් පහක් එක්වෙති.
පන්දුවාර 50 ආකෘතිය යටතේ තරග කොළඹ ක්රීඩාංගණ හතරක පැවැත්වීමට නියමිතය. පාසල් මට්ටමේ දක්ෂතා පෙන්වන යොවුන් ක්රීඩකයන්ට ප්රාදේශීය සීමාවෙන් ඔබ්බට ගොස් තරගකාරී අත්දැකීම් ලබාගැනීමට මෙය අවස්ථාවක් වේ.
ප්රීමා සහ ශ්රී ලංකා ක්රිකට් අතර මෙම යොවුන් ක්රිකට් සහයෝගිතාව අඛණ්ඩව ක්රියාත්මක වන්නේ 19 වැනි වරටය. (srilankasports.com, topnewsasia.lk)





