ඉදිරි මාස හය තුළ ලෝකයේ අර්බුදකාරී ප්රදේශ 16ක ආහාර හිඟය තවත් උග්ර විය හැකි බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා තිබේ.
රොයිටර් ප්රවෘත්ති සේවයට අනුව, සුඩානය, දකුණු සුඩානය, සෝමාලියාව, උතුරු නයිජීරියාව සහ යේමනය දැඩිම අවදානමට මුහුණ දෙන ප්රදේශ අතර වේ.
හඳුනාගත් අර්බුදකාරී ප්රදේශ 16න් 12කම සාගින්න වර්ධනය වීමට සන්නද්ධ ගැටුම් සහ ප්රචණ්ඩත්වය බලපායි. මානුෂීය ආධාර සඳහා මුදල් අඩුවීමත්, ආහාර, ඉන්ධන සහ ප්රවාහන වියදම් ඉහළ යෑමත් තත්ත්වය තවත් දුෂ්කර කරන බව එම ආයතන පෙන්වා දෙයි. (reuters.com)





