2027 අයවැයට එරෙහිව ඇතැම් රාජ්ය සේවක වෘත්තීය සමිති 2026 නොවැම්බර් 30 වැනිදා ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩවර්ජනයට කිසිදු සහායක් ලබා නොදෙන බව හැටන් බෝගහවත්ත ප්රදේශයේ වතු කම්කරුවන් පිරිසක් පවසති.
2026 නොවැම්බර් 28 වැනිදා පෙරවරුවේ බෝගහවත්ත හින්දු කෝවිලට පැමිණි එම වතු කම්කරුවන් රජයට ආශීර්වාද පතමින් වැඩවර්ජනයට සැලසුම් කර ඇති වෘත්තීය සමිතිවලට එරෙහිව පොල් ගැසීමේ නිරත වී තිබේ.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැංවීමට වත්මන් රජය කටයුතු කිරීම ඇතුළු රජය ගෙන යන වැඩපිළිවෙළට තම සහයෝගය හිමිවන බව ඔවුහු එහිදී සඳහන් කළහ.
සමස්ත රාජ්ය සේවකයන් රජයට සහාය දැක්විය යුතු බවත්, රජයට එරෙහිව ගන්නා වෘත්තීය සමිති ක්රියාමාර්ගවලට තම විරෝධය දක්වන බවත් ඔවුන් පැවසූ අතර, වතුකරයේ ජනතාව නොවැම්බර් 30 වැනිදා සුපුරුදු පරිදි තේ දළු නෙළීමේ කටයුතුවල නියැළෙන බවද ප්රකාශ කළහ.






