නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය හැකියාවක් නොමැති දිළිඳු පවුල් වෙනුවෙන් රජයේ සංකල්පයක් මත ක්‍රියාත්මක “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ආධාර චෙක්පත් ලබාදීමේ සමාරම්භක වැඩසටහන

ඒ ඊයේ (25) අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දීය.

තමන්ටම කියා නිවසක් සාදා ගැනීමට මෙන්ම ජීවිතයේ ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට නොහැකි ජනතාව වෙනුවෙන් දිවයිනේ පිහිටි සෑම ප්‍රාදේශීය ලේකම් කාර්‌යාලයකම පූර්ණ අධීක්ෂණය සහ සම්බන්ධීකරණය යටතේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව මෙහිදි අමත්‍යවරයා ප්‍රකාශ කළේය.

එසේම එතුමා වැඩිදුරටත් පවසන ලද්දේ 2026 වසරේ රජයේ නිවාස වැඩපිළිවෙල තුළ කළුතර දිස්ත්‍රික්කයේ නිවාස 915 ක් ඉදිකිරීමට රජය බලාපොරොත්තු වන බවයි.