කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී වෙරළට ගසාගෙන ආ අපද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් 2,200 ක් මේ වන විට ඉවත් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති නීතීඥ දර්ශනී ළහදපුර පැවසුවේ නෞකාවේ බලපෑම හේතුවෙන් වෙරළට ගොඩගසන අපද්‍රව්‍ය ඉවත් කිරීම මාස 06 ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

දැනට මුහුදු පත්ලේ පවතින බහලුම් ඇතුලත ඇති ද්‍රව්‍ය මොනවාදැයි හඳුනා ගැනීමට මෙතෙක් හැකිවී නොමැති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කළේ.

කොළඹ වරාය ආසන්න මුහුදේ දී එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූයේ ඉකුත් මැයි මස 25 වනදායි. මෙම සිද්ධියෙන් පසු ඇතිවූ පරිසර විනාශයෙන් මුහුදු කැස්බෑවන් 176 දෙනෙකු, ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු හා තල්මසුන් 4 දෙනෙකු මියගොස් ඇති බව ඉකුත් මස අගදී අධිකරණයට දැනුම් දුන්නා. නෞකාවේ ගින්නෙන් ධීවරයින්ට සිදුවූයේ ද දැඩි බලපෑමක්. ඒ අනුව ගින්නෙන් සිදුවූ හානියට ලැබෙන වන්දියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2 ක් ධීවරයින්ට වන්දි ගෙවීම සඳහා වෙන් කිරීමටයි තීරණය කර ඇත්ත