වසර 88ක සිරදඬුවමක් විඳිමින් සිටියදී ජනාධිපති සමාව ලැබ නිදහස් වී මාස 4 කට පසුව අනියම් සැමියා සමඟ හෙරොයින් අලෙවි කරමින් සිටි කාන්තාවක් හෙරොයින් 12g ක් සමඟ අනුරාධපුර නගරයට ආසන්න රස්නායකපුරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 35ක කාන්තාවක් හා ඇගේ අනියම් ස්වාමි පුරුෂයා බව කියන වයස අවුරුදු 40ක තැනැත්තෙක්.

සැකකාර කාන්තාව කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකරු පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.