විපක්‍ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ එක්විය යුතු බවත් එවිට විපක්‍ෂය වඩාත් ශක්තිමත් වන බවත් ජාතික කම්කරු පෙරමුණේ නායක, සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පලනි දිගම්බරම් මෙරට ප්‍රධාන පුවත්පතකට පවසා තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයා ලෙස පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරයකු ලෙස පැමිණීම යහපත් දෙයක් බවත් රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස එක්වූ විට විපක්‍ෂය වඩාත් ශක්තිමත් වන නිසා එම නායකයන් දෙදෙනාටම එකම වේදිකාවක් යටතේ එක්වන ලෙසට තමා සජිත් ප්‍රේමදාසගෙන් සහ රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කරනවා.