වර්ථමාන රජය විසින් යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු උපාලි අබේරත්න මහතා තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් ජනාධිපති විසින් පත් කරන ලද අතර එම කොමිසමේ නිගමන 2020 වසරේදී එලිදක්වන ලදී.

ජනාධිපති වරයා විසින් ඉහත උපාලි අබේරත්න කොමිසන් සභා නිගමන මත නිරාවරනය වන පුද්ගලයන්ට නිසි දඬුවම් කිරීමට සුදුසුදැයි සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පිහිටුවන ලදී.

උපාලි අබේරත්න නිගමන මගින් යහපාලන ආන්ඩුව යටතේ පිහිටුවා තිබුන දුෂන විමර්ශන කොමිටුව හා එහි සාමාජිකයන්ගේ තින්දු තීරන මගින් දේශපාලන පලිගැනීම් සිදුව ඇති බව නිගමනය කොට තිබේ.

එම කමිටුවේ සාමාජිකයන් ලෙස රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රනවක, අනුර කුමාර දිසානායක, ෆීල්ඩ් මාශල් ෆොන්සේකා රාජිත සේනාරත්න, මංගල සමරවීර ප්‍රධාන චුදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.
විශේෂ ජනාධිපති කොමිසම මගින් යම් පුද්ගලයකු වරද කරු ලෙස නිගමනය කරයි නම් ඔහුගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට බලය ලබා දී තිබේ.

පාඨලි චම්පික රනවක මහතා උපාලි අබේරත්න කොමිසමේ නිගමන අභියාචනාධිකරනය ඉදිරියේ අභියෝග කරන ලද අතර අද (14දා) සවස 1ට අභියාචනා අධිකරනය ඉදිරියේ පෙත්සම කැඳවනු ලබයි.
පෙත්සම් කරු වෙනුවෙන් ජේශ්ඨ නීතීඤ ක්‍රිශ්මාල් වර්ණසුරිය මහතා පෙනි සිටියි

පාඨලී චම්පික රනවක මහතා පෙත්සම් කරු ලෙස ආයාචනය කර සිටින්නේ උපාලි අබේරත්න මහතා සභාපතිත්වය දැරැ ජනාධිපති කොමිසම විසින් එලඹෙන ලද නිගමන සියල්ල සර්ශෝරාරී රිට් ආඤාවක් මගින් බලරහිත කරන ලෙසත් එකී කොමිශන් සභා නිගමන ක්‍රියාත්මක කිරීම තුලින් පෙත්සම් කරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන කිසියම් හෝ ක්‍රියාවක් සිදු කිරීම තහනම් කරනු ලබන ප්‍රොහිබිශන් ආඥාවක් නිකුත් කරන මෙන්ද ඉහත නිර්දේශ පදනම් කොට ගෙන දැනට පෙත්සම්කරුට එරෙහිව ගන්නා සියලු ක්‍රියාකාරකම් වාරනයට ලක් කරන ලෙස ඉල්ලා තිබේ.