ශ්‍රී ලංකාව 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය බලාපොරොත්තුවෙන් පසුවන බව බී.බී.සී ලෝක සේවය වාර්තා කර තිබේ. මේ සඳහා ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ ඉන්දියාව යන රටවල්ද අයැදුම් කිරීමට සූදානමක් පවතින බවද එම පුවත් වාර්තාවේ දැක්වේ.

ඉතා දියුණු යටිතල පහසුකම් සහිත රටක් වන බ්‍රිතාන්‍යයේ බර්ම්හැම් හී පැවැත්වෙන මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙල සදහා වන වියදම පවුම් මිලියන 778 පමන වන අතර එය ඇමරිකානු ඩොලර් බිලියනයකට අධිකය. 2010 වසරේදී ඉන්දියාවේ දිල්ලි හී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙතෙක් පැවති වැඩිම මුදලක් වැයවූ ක්‍රීඩා උළෙල වන අතර ඒ සදහා වැයවී ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 11කි.

ලබන වසරේ මුල් කාර්තුවේදී 2026 සත්කාරකත්වය හිමිවන රට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා කටයුතු ෆෙඩරේෂනය නිවේදනය කර ඇත.

2018 වර්ශයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දිනාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ, හම්බන්තොට නගරය තරඟ කල අතර රුපියල් බිලියන 265ක යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනක් යෝජනා විය. ඊට ක්‍රීඩාංගන, ක්‍රීඩා නේවාසිකාගාර, පිහිනුම් තටාක ඇතුළු බොහෝ ව්‍යාපෘති අන්තර්ගත වූ අතර එම ඉල්ලීම පොදුරාජ්‍ය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කලා.

ඉදිකිරීමට නියමිතව තිබූ හම්බන්තොට ක්‍රීඩා ගම්මානය

මෙම සත්කාරකත්වය ඉල්ලීමේ ක්‍රියාවලිය සදහා පමණක් රුපියල් මිලියන 709 ක මුදලක් වැයවී ඇති බව පසුව අනාවරණය විය. ඒ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පතට චම්පිකා ප්‍රනාන්දු විසින් 2017 වර්ශයේදී වාර්තා කරන ලද විශේෂ තොරතුරු අඩංගු ලිපියට මෙම සබැඳිය හරහා ඔබට පිවිසිය හැක. Millions splurged on failed 2018 Commonwealth Games bid

2018 වසරේ සත්කාරකත්වය දිනාගැනීම සදහා අයැදුම්කල අවස්ථාවේදී එහි ප්‍රධානියා වශයෙන් ක්‍රියාකල නාමල් රාජපක්ෂ මහතා , පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ෆෙඩරේෂණයේ සම සභාපති මයික් හූපර් මහතාට ක්‍රීඩා ගම්මානයේ අනුරුව පෙන්වූ අයුරු

එවර මේ සදහා මූලිකත්වය ගෙන ක්‍රියා කලේ නාමල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්‍රාල් යන මහත්වරුන් වන අතර මේ වනවිට නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා ඇමතිවරයා බවට පත්ව සිටින අතර අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා යළිත් මහබැංකු අධිපතිවරයාව සිටියි.