අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් මිලට ගෙන දූෂණය කළ බවට වෙබ් අඩවියක් ඔස්සේ නම් ලැයිස්තුවක් ප්‍රකාශයට පත්කිරීමේ සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (15) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ පූජ්‍ය උලපනේ සුමංගල හිමි හා පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින්.

දේශපාලඥයින්, විපක්ෂයේ ක‍්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරිකයින්ගේ නම් ඇතුළත්ව අදාළ වෙබ් අඩවියෙහි පදනමකින් තොරවූ නම් රැසක් අන්තර්ගත කර තිබූ බැවින් මේ සම්බන්දයෙන් වහාම සොයාබලා නීතිමය කටයුතු සිදුකරන ලෙසට අදාළ පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙනවා.

පැමිණිල්ල සිදුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසුවේ ආණ්ඩුවට හිතවාදී කාන්තවක්ද පුරුෂයෙක්ද නොවන, ගවුම් හැද සමාජවිරෝධී ගීත ගායනා කරන කුප්‍රකට ගායකයෙකු මේ සම්බන්ධයෙන් වගකිවයුතු බවයි.