ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ නිරෝධායනය යනු සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක්ද එසේ නැතහොත් ජනතාව මර්දනය සඳහා පාලකයන් උපයෝගී කර ගන්නා ටූල් එකක්ද යන්න පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රටට පැහැදිලි කළයුතු බවයි.

නිරෝධායන නීතිවලට මුවා වී ජනතාව මර්දනය කිරීමට, ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ක්‍රියකාරීන්, වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීමට කිසිසේතම ඉඩ නොතබන බවද සුමංගල හිමි පෙන්වා දෙනවා.

තවදුරටත් මෙම මර්දන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ආණ්ඩු කටයුතු කරන්නේ නම් සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන බවත්, ඒ සඳහා සියලු වෘත්තීය සමිතිවල සහාය ලබාගන්නා බවත් සුමංගල හිමි පවසනවා. එහි පළමු පියවර ලෙස ලබන සඳුදා සිට මාර්ගගත ඉගැන්වීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බවයි අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය පවසන්නේ.

එමෙන්ම රටේ අරමුදල් බැසිල් රාජපක්ෂ හට භාරදීම නරියාට කුකුල් කොටුව භාර දීමට සමාන බවත් ඔහුගේ පාලනය අවසන් වන විට එම අරමුදක් වල මුදල් අතුරුදන්ව පවතිනු ඇති බවත් උන්වහන්සේ පවසනවා.