කොව්ඩ් 19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ විරෝධතා මැඬලීමට යොදාගැනීම  විවේචනය කරමින් සහ ඒ්වා   අදාළ අරමුණ වෙනුවෙන් පමණක් යොදාගන්නා බවට වගබලාගන්නා ලෙස දන්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමු කර ඇත.

පසු ගිය දින කිහිපයේ පැවති විරෝධතවලට සහභාගී වූ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම හා ඔවුන්ගේ කැමැත්තෙන් තොරව බලහත්කාරී ලෙස නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ලියා ඇති අදාළ ලිපිය  මගින් පොලීසියට දන්වා ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් පොදු මහජන සෞඛ්‍ය වෙනුවෙන් සීමා කළ හැකි වුව ද එසේ සීමා  කළ හැක්කේ නීති මගින් පමණක් බවයි.

අදාළ ලිපිය පහතින්