නුවරඑලිය දිස්ත්‍රික්කයේ එලවළු වගා ගොවින්ට (10) දිනයේ රසායනික පොහොර මෙට්‍රික් ටොන් 108 ක් බෙදා හැරි බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසනවා.

කදපොල ගොවිජන සේවා කාර්යාල මගින් ගොවි සංවිධාන හරහා අල සහ කොළ පොහොර මෙට්‍රික් ටොන් 108 බෙදා හැරි බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

නුවරඑලිය දිස්ත්‍රික්කය තුල යල මහ කන්නය තුල හෙක්ටයාර් එකලොස් දහසක එලවළු වගා කරන බවත්, ඉන් යල කන්නයේ හෙක්ටයාර් 6000 ක එලවළු වගා කරන නිසා එක් ගොවියෙකුට අක්කරයකට රසායනික පොහොර මිටි 08 බැගින් උපරිමයකට යටත්ව බෙදා හැරි බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

පොහොර ලේකම් කාර්යාල මගින් අගොස්තු මාසය අවසන් වන විට අල පොහොර මෙට්‍රික් ටොන් 4200 ක් සහ කොළ පොහොර මෙට්‍රික් ටොන් 30500 ලබාදෙන බවට පොරොන්දු වි ඇති බවත්, නුවරඑලිය දිස්ත්‍රික්කයේ එලවළු වගා කරන ගොවින්ට අවශ්‍ය රසායනික පොහොර හිගයකින් තොරව අගොස්තු මස අවසන් වන විට ලබා දිමට හැකි බවත්, ඉදිරියේදි නුවරඑලිය දිස්ත්‍රික්කය වෙනුවෙන් ලැබෙන රසායනික පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවින් වෙතම ලබා දිමට වැඩපිලිවෙලක් දියත් කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා වැඩි දුරටත් පැවසීය.