සරත් වීරසේකර අමාත්‍යවරයාගේ නරි හඬට, නරි නීතිවලට ගුරු විදුහල්පති සටන යට නොවන බව ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ පූජ්‍ය උලපනේ සුමංගල හිමි පවසති.

එහිමියන් මේ බව සඳහන් කළේ ,

“කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළේ ම, තරඟ කර ජය ගත්තෙ ම ජාතිවාදය වපුරලා විතරයි. ආගම්වාදය වපුරලා විතරයි. තමන්ගේ ප්‍රතිපත්තියක් රටට කියන්නේ නැතුව.

එහෙම ජයගත්ත මිනිස්සු තමයි අද වෙනකොට මේ රටේ නීතිය ලෝකයා හමුවේ හෑල්ලුවට ලක්කරලා අපේ රට ලෝකය හමුවේ විශාල වශයෙන් පිළිගැනීමට ලක්වෙලා තියෙන තත්ත්වය බැහැර කරන්නට උත්සහ කරන්නේ.

අපි වනචාරී අශිෂ්ට සම්පන්න පිරිසක් බවට ශ්‍රී ලංකික ප්‍රජාව පත්කිරීමට තමයි මේ සරත් වීරසේකර උන්නැහේ ඔලමොට්ටල ප්‍රකාශ නිකුත් කරලා මේ කටයුතු කරමින් පවතින්නේ.”