පවතින තත්ත්වය අනුව අධ්‍යාපනයට ඇමතිවරු පත්කිරීමට වඩා, සිටින ඇමති මණ්ඩලයට අධ්‍යාපනය ලබා දීම තුලින් අධ්‍යාපනය වැටී ඇති අර්බුදයෙන් රට ගොඩගත හැකි වනු ඇති බව පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ පවසනවා.

ඒ, ඊයේ (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ආණ්ඩුව පිහිටුවා මේ කෙටි කාලය තුළ අධ්‍යාපනයට පමණක් අමාත්‍යවරු තිදෙනෙකු පත්කිරීමෙන් රජයේ තිබෙන සැලසුම් සහගතබව, දූරදර්ශි බව, පරිණත බව පැහැදිලි වන බවයි උන්වහන්සේ පවසන්නේ.

ගුරු විදුහල්පති විරෝධතාවයට දින 38ක් ගතවී ඇතත් රජය හෝ කැබිනට් අනු කමිටුව ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර දක්වා නොමැති බවත් කල්මරමින් මෙම විරෝධතා දියාරු කිරීමට රජය අපේක්ෂා කරන්නේ නම් එය රජය ගත් අදූරදර්ශීම තීරණය වනු ඇති බවත් උන්වහන්සේ අවධාරණය කර සිටිනවා