මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ වත්කම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව Sunday Times පුවත්පත වාර්තා කරයි. පුරවැසියෙකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව සිදු කළ මූලික විමර්ශනයකදී වත්කම් ප්‍රකාශවලට අදාළව මතු වූ කරුණු...

