තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීමට යැයි, කියමින් ආරම්භ කළ ව්‍යපෘතියේ කටයුතුවල නිරත වී සිටින හමුදා කැළෑ නිල ඇඳුමකට සමාන ඇදුම් ඇඳ සිටින චීන ජාතිකයින් පිළිබඳව මේ වන විට පුළුල් සංවාදයක් ඇති වී තිබේ.

එම ව්‍යාපෘතියේ නිරත ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමේ සාමාන්‍යාධිකාරී තුසිත බලල්ල මහතා පැවසුවේ, අදාළ අංශ එම ස්ථානය පරීක්ෂා කර කිසිදු ගැටලුවක් නැතැයි පැවසූ බවයි .

ඔහු වැඩිදුරටත් පැවසුවේ, රජයෙන් කිසිවක් නොලැබෙන බව ත් ව්‍යාපෘතියෙන් ලාබයක් ලබා ගත හැක්කේ, මැටි ටික සහ වැලි විකිණීමෙන් පමණක් බවත් ය.

”ඒක සාමාන්‍යයෙන් ඒ කට්ටියගේ ඔවරෝල් කිට් එකක් එක. මම හිතන විදිහට ඊයේ වෙච්ච දේත් එක්ක ,බුද්ධි අංශ නිලධාරීන් පැමිණිලා කැමා කිට් එකත් එක්ක සසඳලා බලලා ,කිව්වා මේක කිසිම දේක ප්‍රශ්නයක් කර ගන්න එපා. ප්‍රශ්නයක් නෑ. මේක වැඩ බිමක සාමාන්‍යයෙන් චීන කට්ටිය අඳින දෙයක් .අපිත් ඒක ලොකුවට හිතුවේ නෑ. මොකද මේ කට්ටිය මෙහෙට ඇවිල්ලා මාස 06 ක් විතර වෙනවා. ඒ අය පාරේ සැරිසරනවා. දැන් මාසයක් මේ කට්ටිය තිස්සමහාරාමෙ ඉන්නවා. ඇත්තටම මම මෙක එක හෙලාම කියනවා මේක කවදාවත් ,චීන හමුදා ඇදුමක් මොකවත් නෙවෙයි , ඔබතුමාට වුනත් බලන්න පුළුවන් බුද්ධි අංශ නිලධාරීනුත් මේක අල්ලලා බලලා අපිට කිව්වා මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. කියලා ,රජයෙන් අපිට කිසිම දෙයක් හම්බ වෙන්නේ නෑ. අපිට මෙකෙන් ලාභයක් ලබා ගන්න තියෙන්නේ මැටි ටික සහ වැලි විකිණීමෙන් පමණයි”