දැඩි කථාබහක් මතුවූ තිස්සමහාරාම වැවේ, සිදුකළ කැණීම් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පූරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා.

චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් තිස්සමහාරාම වැවේ වැලි සහ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා අවසර ලබා නොගැනීම හේතුවෙන් එම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවිමටයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කළේ.

තිස්සමහාරාම වැවේ සිදුකර ගෙන යනු ලැබූ වැලි සහ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් මතුවූයේ ඊට එක්ව සිටින චීන ජාතිකයින් හැඳ සිටි ඇඳුම් පදනම් කර ගනිමින්. ඒ, ඔවුන් චීන කැලෑ හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී ව්‍යාපෘති භූමියේ සිටීමත් සමගයි.