දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කිව්වට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් ද කියා තමා තවම නොදන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා.

අපිට දයාසිරි දමන සද්ද එච්චර ලොකු දෙයක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මේ ලේකම්තුමාගෙන් පරිස්සම් විය යුතු බව අමාත්‍යවරයා සදහන් කරනවා.

වැඩිදුරටත් අදහස් දැක් වූ රෝහිත අබේගුණවර්ධන,

“අපේ දිස්ත්‍රික්කයේ වෙල්ගම ඇමතිතුමා අන්න හදන්න යනවා තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තව කොටසක්.මේ ඔක්කොම ප්‍රශ්න ඇති කරන්න හේතුව වෙන්නේ දයාසිරි ජයසේකරගේ ඇට නැති දිව හින්දා කරන කතා නිසා”