තිස්සමහාරාම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඉකුත් 20වනදා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ බව අප වාර්තා කළා.

ඒ සඳහා චීන රජයෙන්ද සහයෝගය හිමිව තිබෙන බවත් ඔවුන්ගේ යන්ත්‍ර උපකරණ හරහා මෙම වැවේ තැන්පත්වී තිබෙන රොන්මඩ ඉවත් කර වැව ප්‍රතිසංස්කරණය කල හැකි බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මෙහිදී සඳහන් කළා.

එමෙන්ම මේ සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය මුදල් ලබාදීමක් නොකරන අතර මෙම රොන්මඩ විකුණා ගැනීමට අදාළ චීන සමාගමට අවසර හිමිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී අදාළ සමාරම්භක දිනයේදී දැකගත හැකිවුයේ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු චීන ජාතිකයින් පිරිසක් අදාළ ස්ථානයේ සේවය කරන බවයි.

මේ පිරිස කවුරුන්ද? යන්න තවමත් අනාවරණය වී නැහැ.