කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විවාදයට පෙර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, අමාත්‍ය චමල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් සුදානම් කර තිබෙනවා.

ඒ අනුව එම විශේෂ සාකච්ඡාව අගෝස්තු මස 3 වන දින පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සභා නායක කාර්යාලය නිවේදනය කළේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අගෝස්තු 6 වනදා පැවැත්වීමට නියමිතයි.