වසර 72ක් පුරා චීනයේ පාලන බලය හොබවන චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවැනි සංවත්සරය අදට යෙදී තිබෙනවා.

පක්ෂ සංවත්සරයට සමගාමීව චීනයේ සැමරුම් උත්සව අවස්ථා රැසක් පැවැත්වුණා.

ජාතිය ආමන්ත්‍රණය කළ චීන ජනාධිපති ෂී ජිංපිං අවධාරණය කළේ තම රටේ ක්‍රියා සඳහා මැදිහත්වීමට හෝ හිරිහැර කිරීමට විදෙස් බලවතුන් උත්සාහ කළහොත් ඔවුන්ගේ ඔළු කුඩුවිය හැකි බවයි.

විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ චීන ජනාධිපතිවරයා අමෙරිකාව ඉලක්ක කර එම ප්‍රකාශය සිදුකළ බවයි.

ඒ චීනයේ පරිපාලන කලාපයක් වන හොංකෙං හි වැසියන්ගේ මානුෂීය අයිතීන්උල්ලංඝනය කරන බවට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් චීනයට දැඩි චෝදනා එල්ල කිරීම නිසයි.

1921 වසරේ දී පිහිටවු චීන කොමියුනිස්ට් පක්ෂය සැලකෙන්නේ ලොව පැරණිතම සහ බලවත්ම දේශපාලන පෙරමුණක් ලෙසයි.