භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදකරු වී සිරගත කොට සිටි හිටපු පා.ම දුමින්ද සිල්වා විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සිය විරෝධය පළකර තිබේ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය විසින් ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සදහන්කර ඇත.

2018 වර්ශයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුබවට පත්කල පුද්ගලයෙකු නිදහස් කිරීම නීතියේ ආධිපත්‍යය හෑල්ලුවකට ලක්කිරීමක් බවයි තානාපතිනියගෙ මතය වී ඇත්තේ.