ජනගහනයට සාපේක්ෂව සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව දෙස බැලීමේදී ශ්‍රී ලංකාව මේ වනවිට ලොව සිවුවන ස්ථානයට පත්ව ඇති බව ලොව කොවිඩ් දත්ත රැස් කරන ප්‍රධානතම වෙබ් අඩවියක් වන worldometers.com වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ඒ අනුව මිලියනයකට ලංකාවේ සිදුවන මරණ ප්‍රමාණය 7.43 දක්වා ඉහළ නැග ඇත.

ලයිස්තුවේ පළමු ස්ථානයේ සිටින්නේ ජෝර්ජියාවය. එරට මරණ අගය මිලියනයකට 12.56කි.