කොරෝනා වෛරසය ආසාදිත තවත් මරණ 202ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (02) තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 9806ක් ලෙසටයි.

මෙම මරණ අතර කාන්තාවන් 89ක් සහ පිරිමි පුද්ගලයන් 113ක් වනවා.

වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ මරණ 5ක් වන අතර ඒ කාන්තාවන් 3ක් සහ පිරිමි දෙදෙනෙකු වශයෙන්.

අවුරුදු 30ත් 59ත් අතර මරණ 42ක් වනවා. ඒ පිරිමි 24ක් සහ කාන්තාවන් 18ක් වශයෙන්.

අවුරුදු 60සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 87ක් සහ 68ක් ඊයේ තහවුරු කළ මරණ 202ට අයත්.

මේ අතර මෙරටින් අද දිනයේ ආසාදිතයන් 3644ක් වාර්තා වී තිබෙනවා