ඊයේ (08) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍175 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 35 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 139 දෙනෙකු අයත්.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 10,864 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.