කොළඹ ප්‍රදේශයේ ඉදිකළ ‘Port View Residencies’ මහල් නිවාස සංකීර්ණය අද (15) දින ජනතා අයිතියට පත් කෙරුණු අතර නිවාසලාභීන් 250 දෙනෙකු පදිංචි කරන ලදී.

මෙහිදී අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරන ලද්දේ, මෙම නිවාස සංකීර්ණයේ ඉතිරි නිවාසලාභීන් 750 දෙනා ලබන වසරේ අප්‍රේල් මාසයට පෙර අදියර කිහිපයක් යටතේ පදිංචි කිරීමට අපේක්ෂා කරන බවය.

2020 මැයි මාසයේදී රාජ්‍ය බැංකුවක ණය ආධාර මත ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මාස 31ක් පමණ ප්‍රමාද වී තිබූ බවද, ව්‍යාපෘතිය සඳහා මේ වනවිට ආසන්න වශයෙන් රුපියල් මිලියන 10,000ක මුදලක් වැය වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පෙර නිවාස ව්‍යාපෘතිවල පැවති අඩුපාඩු හඳුනාගෙන මෙම ව්‍යාපෘතියට අමතර පහසුකම් රැසක් එක්කර ඇති බවත්, ඒ අතර උද්‍යානයක්, ප්‍රජා ශාලාවක්, දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් සහ ග්‍රාම නිලධාරී කාර්යාලයක් ඇතුළත් බවද ඔහු සඳහන් කරන ලදී.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ මෙම නිවාස ව්‍යාපෘතිය සමාජ සාධාරණත්වය වෙනුවෙන් තැබූ වැදගත් පියවරක් බවය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>