ප්‍රවීණ ඉන්දීය ලේඛකයෙකු සහ රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන ආචාර්ය ශෂී තරූර් මහතාගේ ප්‍රධානත්වයෙන් Colombo Literary Festival 2026 සාහිත්‍ය උළෙල ඊයේ (24) කොළඹ නිදහස් චතුරශ්‍ර ආකේඩ් පරිශ්‍රයේදී ආරම්භ විය.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද මෙම ආරම්භක අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය හා සංස්කෘතික වටිනාකම් සමඟ සාහිත්‍යය ඉදිරියට ගෙන යන සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම උළෙල සැලකිය හැකි බවය.
Colombo Literary Festival (Pvt) Ltd ආයතනය විසින් සංවිධානය කරන මෙම උළෙල මෙරට ප්‍රමුඛ පෙළේ පොත් ප්‍රකාශන ආයතන 5ක සහභාගීත්වයෙන් පැවැත්වේ.
ජූලි 24 සිට 29 දක්වා දින හයක් පුරා පැවැත්වෙන මෙම සාහිත්‍ය උළෙලේදී සාහිත්‍ය සංවාද, නව ග්‍රන්ථ එළිදැක්වීම්, නිර්මාණාත්මක වැඩමුළු, චිත්‍රපට ප්‍රදර්ශන, සංස්කෘතික වැඩසටහන්, සංගීත වැඩසටහන් සහ පොත් ප්‍රදර්ශන ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
සියලු වයස් කාණ්ඩවල පාඨකයන්, සිසුන්, නිර්මාණකරුවන් සහ සාහිත්‍යයට ඇලුම් කරන ජනතාවට මෙම උළෙල විවෘත බව සංවිධායකයෝ සඳහන් කරති.





