Clean Sri Lanka ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘සමනොළ සිරි – හරිත වන්දනා’ ජාතික වැඩසටහන යටතේ සිරිපා පුදබිමේ ඉහළ මළුවේ ඉතා දුෂ්කර ස්ථානවල ගොඩගැසී පැවති කසළ තොග ඉවත් කිරීමේ විශේෂ බලකා මෙහෙයුමේ දෙවන අදියර ලෙස, ශ්‍රී පාද පූජා භූමියට නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ මාර්ග ආශ්‍රිතව සිදු කෙරෙන එක්දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය.
ඒ අනුව, රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන හා ස්වේච්ඡා කණ්ඩායම් එක්ව, එම අංශවල හා මහජන සහභාගිත්වය සහිතව මෙම ශ්‍රම මෙහෙයුම ක්‍රියාත්මක කෙරේ.
මෙම ව්‍යාපෘතිය මඟින් මහජනතාවටද Clean Sri Lanka වැඩසටහන සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාව උදා වන අතර, පුරවැසියන්ගේ ආකල්ප සංවර්ධනය සඳහා නව ප්‍රවේශයන් ගැනීමට අවස්ථා විවෘත වීම, වටිනා පාරිසරික උරුමයක් හා ආගමික සිද්ධස්ථානයක් වීම මත සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීමට අවස්ථාව උදා වීම ආදිය සිදු වේ.







