ශ්‍රී ලංකාවේ ප්‍රධානතම එළවළු හා පලතුරු තොග අලෙවි මධ්‍යස්ථානයක් වන පෑලියගොඩ මැනිං වෙළඳපොළ පරිශ්‍රය පිරිසිදු කිරීමේ “Clean Manning” වැඩසටහන අද පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
දිනපතා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එළවළු හා පලතුරු රැගෙන එන වෙළෙඳ මහතුන් සහ පාරිභෝගිකයන් විශාල පිරිසක් ගැවසෙන මෙම වෙළඳපොළ පරිශ්‍රයේ පිරිසිදුභාවය, සනීපාරක්ෂක පහසුකම් සහ සමස්ත පාරිසරික තත්ත්වය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව, පෑලියගොඩ මැනිං වෙළඳපොළ පොදු වෙළඳ සංගමය, පෑලියගොඩ නගර සභාව, පෑලියගොඩ පොලිස් ස්ථානය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
මෙහිදී වෙළඳපොළ පරිශ්‍රය පිරිසිදු කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම සහ වෙළෙඳ මහතුන්ට හා ජනතාවට වඩාත් සුවපහසු පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරිණි.





