ත්‍රිකුණාමලය වරායේ පිහිටි බූම් කෝව් ප්‍රදේශයේ 2026 නොවැම්බර් 28 වැනිදා පෙරවරු 7.30ට පමණ සිදු වූ තෙල් කාන්දුව හේතුවෙන් ඇති වූ තෙල් තට්ටු ඉවත් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.
මෙම කටයුතු සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් හය දෙනකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති බව සඳහන් වේ. අදාළ තෙල් පැල්ලම දිගින් මීටර් 7ක් සහ පළලින් මීටර් 2ක් පමණ වන බවද පැවසේ.
තෙල් පැතිරීම අවම කිරීම සහ අවට සාගර පරිසරයට සිදු විය හැකි බලපෑම අවම කිරීමේ අරමුණින්, අවශෝෂක ද්‍රව්‍ය පමණක් භාවිත කරමින් පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.


