පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නොවැම්බර් 25 වැනිදා ප්‍රතික්ෂේප කළේය.

විදෙස් ගමන් තහනම ඉවත් කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන නියෝගය කියවා දෙමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.