දිස්ත්‍රික්ක 23කට බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් 25 වැනිදා අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. එදින පෙරවරු 11.00ට නිකුත් කළ මෙම නිවේදනය නොවැම්බර් 25 වැනිදා රාත්‍රී 11.30 දක්වා වලංගු වේ.

ඒ අනුව අනුරාධපුර, අම්පාර, කළුතර, කෑගල්ල, කිලිනොච්චිය, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, ත්‍රිකුණාමලය, නුවරඑළිය, පුත්තලම, පොලොන්නරුව, බදුල්ල, මඩකලපුව, මන්නාරම, මහනුවර, මාතලේ, මුලතිව්, මොනරාගල, යාපනය, රත්නපුර සහ වව්නියාව යන දිස්ත්‍රික්ක 23ට මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වේ.

මෙම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.