ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) හත්වැනි සමාලෝචනය යටතේ ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 345ක වාරිකය මෙම මාසය අවසන් වන විට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (20) පැවසීය.
මේ අතර, 2026 ඔක්තෝබර් මාසයේදී සියයට 8.3ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව, ඉදිරි මාසවලදී මෙරට උද්ධමනය සියයට 9ක් පමණ දක්වා ඉහළ යා හැකි බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් කියා සිටියේය.



