ඇපල් (Apple) සමාගමේ ප්‍රධාන සේවාවන් රැසක හදිසි බිඳ වැටීමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් iCloud, App Store සහ Apple Music ඇතුළු ප්‍රධාන සේවාවන් රැසක ක්‍රියාකාරීත්වය අඩාල වී තිබේ.

මේ හේතුවෙන් ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත පරිශීලකයින් පිරිසකට තම iPhone දුරකථන සහ අදාළ සේවාවන් නිසි පරිදි භාවිත කිරීමේදී ගැටලු මතුව ඇති බව සඳහන් වේ.