ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පෙනී සිටින කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ ව්‍යාජ වීඩියෝ සහ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව මහ බැංකුව නොවැම්බර් 13 වැනිදා දැනුම් දුන්නේය. විශේෂයෙන් ෆේස්බුක් හරහා පැතිරෙන එම දැන්වීම්වලින් ආයෝජන අවස්ථා සහ මූල්‍ය උපදෙස් ප්‍රචාරය කරන බව බැංකුව සඳහන් කරයි.
එවැනි වීඩියෝවල සඳහන් ආයෝජන යෝජනා හෝ මූල්‍ය උපදෙස් මත ක්‍රියා කිරීමෙන් වළකින ලෙසත්, තොරතුරක් සැබෑ දැයි මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් හෝ නිල සමාජ මාධ්‍ය ගිණුම්වලින් පරීක්ෂා කරන ලෙසත් ජනතාවට දැනුම් දී තිබේ. ව්‍යාජ දැන්වීම් බෙදාහැරීමෙන් වළකින ලෙස ද මහ බැංකුව ඉල්ලා සිටියි.
