පේරාදෙණිය සහ වයඹ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සහ සායනික ගොඩනැගිලි ඉදිකිරීම සඳහා 2027 වසරට රුපියල් මිලියන 450ක් වෙන් කර තිබේ. ව්‍යාපෘතිවල සමස්ත ආයෝජනය රුපියල් බිලියන අටක් ලෙස අයවැය කතාවේ දැක්වේ.
උසස් අධ්‍යාපන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා තවත් රුපියල් මිලියන 2,250ක් වෙන් කර තිබේ. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ ගොඩනැගිල්ලක්, රුහුණ සහ සබරගමුව විශ්වවිද්‍යාලවල පරිගණක හා පර්යේෂණ පහසුකම් සහිත විද්‍යාගාර සහ යාපනය විශ්වවිද්‍යාලයේ පරිපූරක සෞඛ්‍ය විද්‍යා පීඨයට ගොඩනැගිලි ඉදිකිරීම එම වැඩසටහනට ඇතුළත්ය.
